මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

August 27, 2024   10:14 pm

පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙරෝන් විජේසිංහ පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඔහු අද රාත්‍රියේ සහභාගී වූ මූලික වටයේ තරගය තප්පර 10.5 5කින් නිම කරමින් එහි දෙවන ස්ථානය දිනා ගත්තේය.  

මෙවර ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.