බිරිඳගේ වියෝවයෙන් දුකින් සිටි අයෙක් ගත් හදිසි තීරණය

බිරිඳගේ වියෝවයෙන් දුකින් සිටි අයෙක් ගත් හදිසි තීරණය

August 28, 2024   08:13 am

සිය බිරිඳ මියයාම සම්බන්ධයෙන් සිත් තැවුලෙන් සිටි යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (27) සියදිවි නසාගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි මනුවෙල් සූසෙයිමුත්තු නමැති පුද්ගලයෙකු එලෙස සියදිවි හානිකරගෙන ඇති බවය.

මීට වසරකට පමණ පෙර අදාළ පුද්ගලයාගේ බිරිඳ අසනීප තත්ත්වයෙන් සිට මියගොස් ඇති අතර, බිරිඳ මියයාමෙන් අනතුරුව අදාළ පුද්ගලයා දැඩි සිත්තැවුලෙන් පසුවී ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයන්ගෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදුන් බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.