අම්පාර සුර පුරයක් කරනවා - සජිත්

අම්පාර සුර පුරයක් කරනවා - සජිත්

August 28, 2024   03:05 pm

සිය රජයක් යටතේ අම්පාර දිස්ත්‍රික්කය සංවර්ධනයේ සුර පුරයක් බවට පත්කරන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අඩ්ඩාලච්චේනෙයි හිදී පැවති ජනාධිපතිවරණ ජන රැලියකදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ (27) පස්වරුවේ මෙලෙස පැවැත්වුණි.

එහිදී වැඩිරටත් අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

"ගොවිතැනේ නියැලී සිටින ජනතාවට ගුණාත්මක භාවයෙන් ඉහළ කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට ලබාදෙනවා. ඒ වගේම තෙල් පොහොර දරාගත හැකි මුදලකට ලබාදෙන්න කටයුතු කරනවා. ඔබගේ නිෂ්පාදනයට, වී වලට ස්ථිර සහතික මිලක් ලබාදෙනවා. එක පැත්තකින් ගොවියාට හානි කරන තවත් පැත්තකින් පාරිභෝගිකයාට මහා සාපයක් වුණු මේ හාල් මෝල් මාෆියාවෙන් ගොවියාවත් බේරගෙන පාරිභෝගිකයාවත් බේරගෙන සාධාරණ සූත්‍රයක් හරහා ගොවියාට හොඳ සහතික මිලකුත් ලබාදෙනවා. පාරිභෝගිකයාට දාරගත හැකි මිලකට සහල් මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙනවා."