වැසිකිළියේ වහලය කඩා රැඳවියෙක් පැන යයි

වැසිකිළියේ වහලය කඩා රැඳවියෙක් පැන යයි

August 28, 2024   04:34 pm

නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට කලුවංචිකුඩි අධිකරණයට රැගෙන ආ රැඳවියෙකු අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වහලයේ කොටසක් කඩා ඉන් පැනගොස් තිබේ.

එරාවුර් අධිකරණය විසින් නියම කළ සිව් වසරක සිරදඬුවමක් මත මෙම රැඳවියා මඩකලපුව බන්ධනාගාරයේ රඳවා තැබුණි.

පොලීසිය පැවසුවේ නියමවූ සිරදඬුවමෙන් වසරක් සම්පූර්ණ වූ පසු වෙනත් නඩුවක් සඳහා ඊයේ (27) කලුවංචිකුඩි අධිකරණයට මෙම රැඳවියාව ඉදිරිපත් කර තිබූ බවය.

එම අවස්ථාවේදී ඔහු මෙලෙස පළාගොස් තිබේ.

ඔහු කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි බාලසුන්දරම් ගෝපිනාත් නම් පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.