එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද ඇරඹෙයි

එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද ඇරඹෙයි

August 29, 2024   08:06 am

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ආරම්භ වීමට නියමිතව තිබේ.

ලෝඩ්ස්හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට තරගය ආරම්භ වීමට නියමිතව ඇත.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් වෙනුවට පැතුම් නිස්සංක කැඳවා ඇති තිබේ.

තරග 3කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් ජය ලබා ගැනීමට සමත් විය.