සජිත්ගේ අලුත්ම සැලසුම

සජිත්ගේ අලුත්ම සැලසුම

August 29, 2024   08:07 am

රාජ්‍ය ආයතන විකිණීම සිය රජයක් යටතේ සම්පූර්ණයෙන් නතර කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන කාර්යක්ෂම කර ලාභ ලබන ආයතන බවට පත්කිරීමට කටයුතු කරන බවය.

වැල්ලවාය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

"මේ බලප්‍රදේශය ගත්තොත් වනඅලි - මිනිස් ගැටුම තියෙනවා. මෙයට පළමුවෙන්ම කළ යුතු දේ වන්නේ, ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම. කවුරුත් ඒක කරලා නෑ. අපි ඒ දේ කරලා වනඅලි - මිනිස් ගැටුම අවම කරන්නටත් ඒ වගේම සතා සිව්පාවන් සහ මිනිසුන් අතර තියෙන ගැටුම අවම කරන්නට අපි කටයුතු කරනවා. අපේ රට සම්පත් විකුණන වෙන්දේසියේ පාරාදීසයක් කරලා. පැල්වත්ත, සෙවනගල සීනි කර්මාන්ත ශාලා නව ක්‍රමවේද තුළින් ඇතිමලේ ඇතුළුව ගොවි පවුල්වල සේවය කරන අය 30,000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. අපි මේ ආයතන කුණු කොල්ලයට විකුණන සංස්කෘතියට නැවතීමේ ලකුණ තියලා මේ ජාතික සම්පත ඔබගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා."