නඩු භාණ්ඩ කාමරයේ භාරකරුව රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

නඩු භාණ්ඩ කාමරයේ භාරකරුව රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

August 30, 2024   03:18 pm

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබේ.

එම භාරකරුව අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ සාක්ෂි ලෙස භාවිත කිරීමට ගබඩා කර තිබූ රුපියල් මිලියන 240ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 12ක් අස්ථානගත වීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.