ඩුබායි රැකියා පෙන්වා මුදල් වංචා කළ අයෙකු අල්ලයි

ඩුබායි රැකියා පෙන්වා මුදල් වංචා කළ අයෙකු අල්ලයි

August 30, 2024   05:11 pm

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

එම කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පසුගිය 28 වැනිදා රුවන්වැල්ල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

රුවල්වැල්ල නගරයේ නීති විරෝධි විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් සැකකරු මෙම රැකියා ජාවාරම සිදුකර ඇත.

එහිදී ඩුබායි රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා සැකකරු රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කර ඇත. 

මොහු මින් පෙරද මිනුවන්ගොඩ ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් වංචා කර අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අයෙකු බවද කාර්යාංශය පවසයි. 

සැකකරු රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.