මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

August 30, 2024   08:42 pm

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (29) දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1482ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම කොමිෂන් සභාව පවසයි.

ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 1419කි.

මීට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 07ක් සහ වෙනත් පැමිණිලි 56ක් ද ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.