දිලිත්ගේ උපාය මාර්ගික සැලැස්මේ ආර්ථිකය ගොඩනංවන අයුරු 

දිලිත්ගේ උපාය මාර්ගික සැලැස්මේ ආර්ථිකය ගොඩනංවන අයුරු 

August 31, 2024   05:22 pm

සියලු පුරවැසියන් සඳහා තිරසර වර්ධනයක් සහ සමෘද්ධියක් සහතික කරන ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ උපාය මාර්ගික ආයෝජන මගින් මෙහෙයවනු ලබන ගෝලීය වශයෙන් තරගකාරී, ගතික, අභියෝගයන්ට මුහුණ දිය හැකි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම ද සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්මේ ඇතුළත් ය.

ආර්ථිකය - ‘පොහොසත්’ලෙස හඳුන්වාදී ඇති එම සැලැස්ම ප්‍රධාන කොටස් 16කින් සමත්විත වෙයි.

  • නිෂ්පාදන ආර්ථිකය
  • මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය
  • සංවර්ධන බැංකුව
  • දැරිය හැකි පොලියට ණය
  • Startup ශ‍්‍රී ලංකා ඩිජිටල් ව්‍යවසායකත්ව අරමුදල
  • ජාතික ණය කළමනාකරණ ආයතනය
  • ස්වාභාවික සම්පත් කළමනාකරණ අධිකාරිය
  • රාජ්‍ය ආදායම ඉහළ නැංවීම 

නිෂ්පාදන ආර්ථිකය යටතේ කාර්යක්ෂම දේශීය නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමට අවශ්‍ය දැනුම, ප‍්‍රාග්ධනය, තාක්ෂණය ලබාදීමට සහ වෙළෙඳපොළ නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීම
සහතික කෙරේ. 

ව්‍යවසායකත්ව ක‍්‍රියාකාරකම් හා මූල්‍ය කළමනාකරණය අධීක්ෂණය සහ සහාය දැක්වීම සඳහා කැප වූ අමාත්‍යාංශයක් පිහිටුවා සම්බන්ධිත සියලු ආයතන ඒ යටතට පත්කිරීම.

නවමු සහ කුඩා ව්‍යාපාර සඳහා අඩු වියදම්, විකල්ප අරමුදල් සැපයීමට බැංකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.

ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට දැරිය හැකි පොලියට ණය සහ අරමුදල් ලබාදීම.

ගෝලීය පුද්ගලික අංශය සමග සහයෝගයෙන් ඩිජිටල් ව්‍යවසායකත්ව අරමුදලක් දියත් කිරීම.

තනි, හවුල්, සමිති, සීමිත සමාගම් හෝ වෙන්චර් කැපිටල් ස්වභාවයේ ව්‍යාපාර ආකෘති බලගන්වමින් සාර්ව ආර්ථික ප‍්‍රසාරණයක් සඳහා සංවර්ධන ණය ලබාදීම.

ආණ්ඩුවට ණය ලබාගත හැකි උපරිම සීමාව ජාතික ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම.

වැඩි විස්තර පහතින් දැක්වෙයි,

ජාතික උපාය මාර්ගික සැලැස්ම by poornima on Scribd