දිලිත් උපාය මාර්ගික සැලැස්මෙන් බදු අය නොවන ආදායම් මාර්ග දිරිමත් කරයි

දිලිත් උපාය මාර්ගික සැලැස්මෙන් බදු අය නොවන ආදායම් මාර්ග දිරිමත් කරයි

August 31, 2024   06:18 pm

සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණය සඳහා වූ උපාය මාර්ගිය සැලැස්මේ බදු සම්බන්ධයෙන් ද විශේෂ වෙනස්කම් රැසක් ඉදිරිපත් කර තිබේ.

සියලු පුරවැසියන් හට සමානාත්මතාවය මත පදනම් වූ මූල්‍ය ස්ථාවරත්වයක් සහ දියුණු ජීවන තත්ත්වයක් සහතික කරමින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික විභවයන් උපරිම කරන ශක්තිමත්, විනිවිදභාවයෙන් යුත් තිරසර මූල්‍ය කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම ඉන් අපේක්ෂා කෙරේ.

නූතන මූල්‍ය සම්පත් කළමනාකරණය පිළිබඳ දැක්ම - ‘ධනවත්’

  • කාර්යක්ෂමව බදු අය කිරීමේ ක‍්‍රමවේදයක්
  • මුල්‍ය ආයතන ශක්තිමත් කිරීම
  • බදු අය නොවන ආදායම් මාර්ග වැඩිදියුණු කිරීම
  • මූල්‍ය සේවාවන් සඳහා තාක්ෂණය
  • බදු අයකිරීමේ ඩිජිටල් වේදිකාවක්

බදු එකතු කිරීම විධිමත් කිරීම, පැහැර හැරීම අවම කිරීම සහ අනුකූලතාව වැඩිදියුණු කිරීම සඳහා බදු අය කිරීමේ පුළුල් ඩිජිටල් ක‍්‍රමයක්.

ඍජු බදු ආදායම 40%ක් ද වක‍්‍ර බදු ආදායම 60%ක් ද වන ලෙස රාජ්‍ය බදු ආදායමේ ව්‍යුහය වෙනස් කරගැනීමට අපේක්ෂා කරයි.

රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයන් සහ කල්බදු ගිවිසුම් හරහා රජය
සතු වත්කම් භාවිතය ප‍්‍රශස්ත කිරීම.

කොළඹ කොටස් වෙළෙඳපොළ වැනි ශ‍්‍රී ලංකා කෘෂි නිෂ්පාදන හුවමාරුව නමින් භාණ්ඩ හුවමාරුවක් (Comodity Exchange) ස්ථාපිත කෙරේ.

විදෙස්ගත ශ‍්‍රමිකයන් ආසන්න වසර තුනේදී රටට එවා ඇති විදේශ විනිමය ප‍්‍රමාණය අනුව දරුවන් පාසලකට ඇතුළත් කිරීමේදී අමතර ලකුණු ලබාදීම වැනි මූල්‍යමය නොවන දිරිගැන්වීම්.

විදේශයන්හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින්ට ඉහළ විනිමය අනුපාත සහ අවම ගනුදෙනු ගාස්තු වැනි විධිමත් ක‍්‍රියාමාර්ග හරහා මුදල් ප්‍රේෂණය කිරීමට දිරි ගැන්වීම.

වැඩි විස්තර පහතින්,

ජාතික උපාය මාර්ගික සැලැස්ම by poornima on Scribd