තීරුබදු නොගෙවූ දුම්වැටි

තීරුබදු නොගෙවූ දුම්වැටි

September 1, 2024   07:52 am

ඩුබායි සිට තීරුබදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළේ ඒකකය විසිනි.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 20000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කටුනායක ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.