කුමාරි ඇතින්නියට පහරදුන් ඇත්ගොව්වා ගැන අධිකරණය දුන් නියෝගය

කුමාරි ඇතින්නියට පහරදුන් ඇත්ගොව්වා ගැන අධිකරණය දුන් නියෝගය

September 1, 2024   09:49 am

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී කුමාරි නමැති ඇතින්නියකට හෙණ්ඩුවෙන් ඇන වේවැලකින් පහර දී හිංසනය සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කළ ඇත්ගොව්වා ව රුපියල් 75,000ක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

පානදුර වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය විසින් එම නියෝගය ලබාදී තිබුණි.

මෙලෙස ශරීර ඇප මත මුදාහැර ඇත්තේ කිරිඳිවැල මැද්දේගම හිස්වැල්ල ප්‍රදේශයේ පදිංචි මොහොට්ටි මුදියන්සේලාගේ ලලිත් බණ්ඩාර නමැති 51 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සත්ත්ව හිංසනය 2019 වසරේදී මෙම සිද්ධිය සිදුවී තිබූණි.