සැමියාගේ වෙඩි ප්‍රහාරයෙන් බිරිඳ මරුට

සැමියාගේ වෙඩි ප්‍රහාරයෙන් බිරිඳ මරුට

September 1, 2024   01:58 pm

බදුල්ල හිදගොඩ ප්‍රදේශයේදී ඊයේ (31) සවස සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය ගොස් ඇත්තේ අවුරුදු 32ක් වූ විවාහක කාන්තාවකි.

වෙඩිතැබීම සිදුකර ඇත්තේ ඇගේ නීත්‍යානුකූල සැමියා විසින් බව පොලීසිය පවසයි.

සැකකරු, තරුණියක් සමග පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවක් ගැන නීත්‍යානුකූල බිරිඳ දැන ගැනීමෙන් පසු දෙදෙනාම එම තරුණියගේ නිවසට ගිය අවස්ථාවේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

සැකකාර සැමියා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.