මූන් ෆිෂ් ගේ මරණය නිසා යුක්‍රේන ගුවන් හමුදාපතිව ගෙදර යවයි

මූන් ෆිෂ් ගේ මරණය නිසා යුක්‍රේන ගුවන් හමුදාපතිව ගෙදර යවයි

September 1, 2024   02:14 pm

යුක්‍රේන ජනාධ්පති වොලොඩිමීර් සෙලෙන්ස්කි විසින් එරට ගුවන් හමුදාපති මිකෝලා ඔලේෂ්චුක් ව සේවයෙන් ඉවත්කර තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ පසුගියදා එරටට අමෙරිකාවෙන් ලබාදුන් F-16 ප්‍රහාරක යානයක් කඩා වැටී ඉන් එරට ප්‍රධාන පෙළේ ගුවන් නියමුවෙකු මියයෑම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි.

රුසියාව යුක්‍රේනයට මෑත කාලයේ එල්ලකළ දරුණුතම ගුවන් ප්‍රහාරය ට ප්‍රති ප්‍රහාර එල්ලකරමින් සිටියදී එම යානය කඩා වැටුණි.

එහි නියමුවා ලෙස කටයුතු කළේ "මූන් ෆිෂ්" ලෙස ප්‍රකටව සිටි ඔලෙස්කි මෙස් නම් ගුවන් නියමුවා ය.

F-16 ප්‍රහාරක යානා පියාසර කිරීමට පුහුණුව ලබා සිටි යුක්‍රේන නියමුවන් කිහිප දෙනාගෙන් කෙනෙකි  ඔලෙස්කි.

එබැවින් ඔහුගේ මරණය එරට ට විශාල පාඩුවක් ලෙස සැලකෙයි.