ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

September 1, 2024   03:26 pm

බටහිර, මධ්‍යම බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා සැලකිලිමත්වන ලෙස දන්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

බටහිර, මධ්‍යම සහ ඊට යාබද වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, අද (01) උදෑසන කාලයේ දී ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ හරහා එරට ගොඩබිමට ඇතුළු වී තිබුණි.

ඉදිරි පැය 24 තුළ දී එය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල නාවික හා ධීවර කටයුතුවල යෙදෙන විට තවදුරටත් අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.