පාස්පෝට් කන්තෝරුවේ අදත් පෝලිම්

පාස්පෝට් කන්තෝරුවේ අදත් පෝලිම්

September 2, 2024   05:52 pm

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාකිරීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල අදත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටී.

ඔවුන් පෙන්වා දෙන්නේ, දෛනිකව නිකුත් කරන බලපත්‍ර කිසිසේත් ප්‍රමාණවත් නොවන බවය.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහ එහි ප්‍රාදේශීය කාර්යාල වෙත බොහෝ පිරිසක් දෛනිකව පැමිණෙයි.

ඔවුන් පසුගිය කාලය පුරා මුහුණ පෑ විවිධ දුෂ්කරතා සම්බන්ධයෙන් අප මීට පෙර වාර්තා කළේය.

කෙසේ වෙතත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත බව ඔවුන් පසුව පැවසීය.

එවන් පසුබිමක පවතින තත්ත්වය සමනය කිරීමේ අරමුණින් මීට දින කිහිපයක සිට බලපත්‍ර නිකුත් කිරීම ද සීමා කෙරුණි.

ඒ අනුව පැමිණෙන අනුපිළිවෙළ අනුව සේවා සපයන බව දැනුම්දුන්නත් අදත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ දිගු පෝලිම් දක්නට ලැබුණි.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවට ද ජනතාව චෝදනා කරයි.