ගොවියා වෙනුවෙන් නාමල් ඉදිරියට

ගොවියා වෙනුවෙන් නාමල් ඉදිරියට

September 3, 2024   08:46 am

ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සිය රජයක් තුළ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කලවාන ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

"අපේ ප්‍රතිපත්ති තියෙන්නේ මේ රටේ ගොවියා ශක්තිමත් කරන්නත්, ධීවරයා ශක්තිමත් කරන්නත්, ව්‍යවසායකයා ශක්තිමත් කරන්නත් මිසක් වෙන ව්‍යාපාරිකයෝ ගොඩනගන්න නෙමෙයි. ඔබට මතක ඇති යහපාලනය වෙලාවේ දළු මිල, ගම්මිරිස් මිල බිමට වට්ටලා තිබ්බේ. ගෝඨාභයගේ ආණ්ඩුව ඇවිත් තමා නැවත වතාවක් දළුවලට, ගම්මිරිස්වලට ශක්තිමත් මිලක් ලබාදුන්නේ. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව. අපේ ආණ්ඩු හැමදාම මේ රටේ දේශීය චින්තනය පදනම් කරගෙන අපි ගොඩනැගුවේ. අපි ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවකටත් අපි පැහැදිලිවම කියනවා. ප්‍රති අපනයනය කරන හෝ වෙනත් ව්‍යාපාරිකයෙකුගේ හෝ වෙනත් රටක ගොවියෙකුගේ ආර්ථිකය ශක්තිමත් කිරීම නෙමෙයි පරමාර්ථය. මේ මහපොළොවේ පය ගහලා, මහ පොළොව එක්ක පොරබඳලා වගාකරන ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම බව අපි ඔබතුමන්ලාට මතක් කරනවා."