පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

September 3, 2024   02:51 pm

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6.61ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් තීන්දුව ලබාදුනි. 

2021 වසරේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු හෙරොයින් ග්‍රෑම් 6.61 ක් සන්තකයේ ලබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පසුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී තිබෙන බවය.