පොරොන්දු ගොඩක් ඉදිරියේ රාජ්‍ය සේවකයා අතරමං වෙලා - සර්වජන අපේක්ෂක දිලිත්

පොරොන්දු ගොඩක් ඉදිරියේ රාජ්‍ය සේවකයා අතරමං වෙලා - සර්වජන අපේක්ෂක දිලිත්

September 3, 2024   09:56 pm

කළු ආර්ථිකයට නතුවී ඇති මෙරට දේශපාලන පක්ෂ සංස්කෘතියට තිත තැබිය යුතු බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

රාජ්‍ය සේවකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ 49,000ක පමණ අනුමත කාර්යය මණ්ඩලයකින් සමන්විත කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ සාමාජිකයින් අද (03) සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා හමුවිය. 

ඒ, කොළඹ පිහිටි සර්වජන බලය පක්ෂ කාර්යාලයේදීය.

සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"මේකේ කළු ආර්ථිකය ලොකුයි මේ ආර්ථිකය වගේ 4 ගුණයක්. ඒක නිසා තමයි පඩි වැඩි කරන්න බැරි. දේශපාලන පක්ෂ හරහා විශාල කළු ආර්ථිකයක් තිබෙනවා. හැම සමීක්ෂණයකින්ම කියනවා... අඩුම තරමින් 40%ක් ජනතාව... "අපි තාම තීරණය කරලා නැහැ කියලා."

මේ අතර අද පස්වරුවේ සර්වජන බලයේ බත්තරමුල්ල මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරුණි.

ඒ, සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ සහභාගීත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"රාජ්‍ය සේවකයන් පොරොන්දු ගොඩක් ඉදිරියේ අතරමං වෙලා. ඔබ ඔබගේ මනස පාවිච්චි කරන්න. ඔබ අපේක්ෂා කළ වෙනස අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා."