බන්ධනාගාර නියාමක බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

බන්ධනාගාර නියාමක බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

September 4, 2024   08:05 pm

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා/පිරිමි නියාමක තනතුර බඳවා ගැනීම සඳහා වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය 2024.10.05 හා 06 දිනයන් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සුදුසුකම් ලද සියලුම අයදුම්කරුවන් එදිනට පැමිණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙසට දැනුම්දී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කාන්තා/පිරිමි නියාමක තනතුරේ පැවැති පුරප්පාඩු සඳහා බඳවාගැනීමට  2023.09.15 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පරිදි විභාග දෙපාර්තමේන්තුව මගින් ලිඛිත පරීක්ෂණයක් පවත්වා තිබුණි.

ඒ අනුව, ලිඛිත පරීක්ෂණයෙන් සමත් වු අයදුම්කරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය සහිතව 2024.09.07 හා 08 වන දිනවල පල්ලේකැලේ, අගුණකොලපැලැස්ස, අනුරාධපුර සහ කොළඹ යන මධ්‍යස්ථානවල පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද නොවැළැක්විය හැකි හේතුවක් නිසා එම දිනවලදී පැවැත්වීමට නොහැකි විය.

එම නිසා එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ඔක්තෝබර් මස 05 හා 06 දිනයන් හිදී පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් දැනුම්දී තිබේ.