දිලිත්ගේ ජය තහවුරු කරන ජන රැලි 2ක් හෙට බලංගොඩදී සහ ඇඹිලිපිටියේදී

දිලිත්ගේ ජය තහවුරු කරන ජන රැලි 2ක් හෙට බලංගොඩදී සහ ඇඹිලිපිටියේදී

September 5, 2024   09:00 pm

සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කරන ජන රැලි 2ක් හෙට (06) බලංගොඩදී සහ ඇඹිලිපිටියේදී පැවැත්වෙයි.

එහි සංවිධාන කටයුතුවල නිරතවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ හෙට පෙරවරු 10ට බලංගොඩ කිරිඳිගල ඩයමන්ඩ් ශාලාවේදී පළමු ජන හමුව පැවැත්වෙන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා,

"2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනෙක් අතර ඉතා තියුණු තරගයක් නිර්මාණය වෙලා තිබුණා. ඔවුන්ට ප්‍රබල තරගයක් දෙමින් තමයි දිලිත් ජයවීර මහතා ප්‍රවේශ වුණේ. මේ රටේ සම්පත් සුරකින කඳවුර වෙනුවෙන්."  

"වැල් පාලමේ ඉතුරු ටික ගමන් කරන්නේ නැති... මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න ඇත්ත ඇති සැටියෙන් කතා කරන ජනාධිපති ධුර අපේක්ෂකයෙක්."  

"දිලිත් ජයවීර මහතා ජනාධිපතිවරණයට ප්‍රවේශ වීමත් සමග එතෙක් ජයග්‍රහණය සමරමින් සිටි අනෙකුත් අපේක්ෂකයන්ගේ ජයග්‍රහණ අභියෝගයට ලක්වෙමින් තිබෙනවා." 

"මේ වනවිට සියලු සමීක්ෂණ වාර්තාවලින් ප්‍රකාශයට පත්වෙලා ඉවරයි... 34%ක් ජනතාව තාම කාටද ඡන්දෙ දෙන්නේ කියලා තීරණය කරලා නැහැ. අපි ආමන්ත්‍රණය කරන්නේ අන්න ඒ ජනතාවටත් එක්ක. මේ මැතිවරණය දිලිත් ජයවීර මහතා ජයග්‍රහණය කරනවා. අපි මේ වනවිට ඒ ගමන යමින් සිටිනවා."

"අපි බලංගොඩ තරුණ තරුණියන් ඇතුළු ජනතාවට, ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට, වෘත්තිකයන්ට ආරාධනා කරනවා... එන්න.. ඔහුට සවන් දෙන්න. දිලිත් හමුවී මුහුණට මුහුණ කතා කරන්න පුළුවන්." 

"ඒ වගේම දෙවෙනි රැලිය සවස 3:30ට ඇඹිලිපිටියේ ළමා උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා."