ගිං ගඟේ අතුරුදන් වූ සිසුවාගේ සිරුර ගොඩගනියි

ගිං ගඟේ අතුරුදන් වූ සිසුවාගේ සිරුර ගොඩගනියි

September 6, 2024   06:00 pm

ගිං ගඟේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ සිසුවාගේ සිරුර අද (06) පස්වරුවේ ගොඩගත් බව නෙළුව පොලිසිය පවසයි.

නෙළුව කඩහිංගල ජනපදය ප්‍රදේශයේ පදිංචි ජනිදු සුරේන්ද්‍ර නැමැති සිසුවෙක් මෙලෙස මියගොස් ඇත.

අදාළ සිසුවා මෙවවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව හිඳ තිබේ.

සිසුවා ඊයේ පස්වරුවේ සිය මිතුරන් සමග ප්‍රදේශය ආසන්නයේ ඇති ගිං ගඟේ දිය නෑමට ගොස් තිබේ.

එහිදී ගඟ හරහා ගමන් කිරීමට ගත් උත්සාහයේදී දියවැලකට හසුව ගසාගෙන ගොස් තිබේ.

එහිදී අතුරුදන් වූ සිසුවා සොයා නෙළුව පොලීසිය සහ නාවික හමුදාව එක්ව මෙහෙයුමක් ද දියත් කර කෙරිණි.