හදිසියේ ම ගිනිගත් කැබ් රථය සහ ත්‍රීරෝද රථය 

හදිසියේ ම ගිනිගත් කැබ් රථය සහ ත්‍රීරෝද රථය 

September 7, 2024   12:47 pm

පාදුක්ක, මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ  කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් හදිසියේ ම ගිනි ගෙන විනාශ වී ඇත.

හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකය පැමිණිය ද ඒ වන විටත් වාහන දෙකම ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පැවසීය.

වෙන්දේසි වත්තක් තුළ පිහිටි මෙම ඉඩමට කිසිවෙකුට හෝ ඇතුළු වීමට හැකියාවක් නොමැති බවද සඳහන්ය.

කෙසේ නමුත් කිසිවෙකු විසින් මෙම වාහනවලට ගිනි තැබුවාද, නැතහොත් එක් වාහනයකට ගිනි ඇවිළීම නිසාවෙන් අනෙක් වාහනයට ද ගිනි ඇවිළුණා ද යන්න පිළිබඳ තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.