වෙනසක් අවශ්‍ය නම් වෙනස් කෙනෙක් ඉන්න ඕනේ - දිලිත්

වෙනසක් අවශ්‍ය නම් වෙනස් කෙනෙක් ඉන්න ඕනේ - දිලිත්

September 7, 2024   02:22 pm

තරුණයින් වෙනසක් ඉල්ලමින් අරගලයක නිරත වුණේ දේශපාලනඥයින්ගේම වැරදි නිසා බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

'දිලිත් ගමට' ආසන රැස්වීම් මාලාවේ ඇඹිලිපිටියේ ජනහමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"දැන් ඔබේ ගෙවල්වල ගෙදර පිරෙන්න තරම් ප්‍රතිපත්ති ප්‍රකාශ ඇති. හැම අවුරුදු 05කට සැරයක්ම දුන්නානේ. එහෙනම් අපි ඉස්සරහට යන්නෙම නැද්ද ? යන්න විදියක් නැද්ද ?. මේ නිසා තමයි ලංකාවේ තරුණයෝ පාරට බැස්සේ. වෙනසක් ඉල්ලා. ඒකට විදේශ බලපෑම් ඇතිවුණේ නෑ කියන්න බැහැ. හැබැයි මේ ළමයිව ඇවිස්සුවේ මේ රටේ ඉන්න ආත්මාර්ථකාමී දේශපාලකයෝ. ඒක තමයි මම කියන්නේ... වෙනසක් අවශ්‍ය නම් වෙනස් දෙයක් තියෙන්න ඕනේ. වෙනස් කෙනෙක් ඉන්න ඕනේ. ඒ වෙනස ඔබට දැනෙන්න ඕනේ."