සැකකරුවන් සිව්දෙනෙක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්
September 9, 2024 04:58 pm
පසුගිය මැයි මස 20 වනදා කළුතර දකුණ දුම්රිය පොළ පාර ප්රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතා තිබේ.
එම සිද්ධියට අදාළව සැකකරුවන් 7 දෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධියට අදාළ අනෙකුත් සැකකරුවන් සිව්දෙනා ඔවුන් පදිංචි ලිපිනයන් මඟහරිමින් සැඟව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන පවත්වයි.
ඒ අනුව පහත සඳහන් තොරතුරුවලට අදාළ ව සැකකරුවන් සම්බන්ධව තොරතුරු දන්නේ නම් කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝ කළුතර අපරාධ විමර්ශන අංශය අමතා දැනුම්වත් කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.