බුදුදහම බබළවමින් සෙසු ආගම්වලට නිසි තැන - සජිත්

බුදුදහම බබළවමින් සෙසු ආගම්වලට නිසි තැන - සජිත්

September 11, 2024   10:37 pm

බුදුදහම බබළවමින් සෙසු ආගම්වලට ද නිසි තැන ලබාදීම තම අපේක්ෂාව බව සමගි ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ අද (11) කොළඹ පැවති ජාතික භික්ෂූ උපදේශක සභාවේ මහසඟ සමුළුව අමතමිනි.

සැමට සෙත් - සසුන සුරකිමු, දැය නගමු යන මැයෙන් ජාතික භික්ෂූ උපදේශක සභාව සංවිධානය කළ මහසඟ සමුළුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.