දරුවා පාසල් රැගෙන යමින් සිටි බිරිඳට සැමියා කළ අපරාධය

දරුවා පාසල් රැගෙන යමින් සිටි බිරිඳට සැමියා කළ අපරාධය

September 13, 2024   10:36 am

තම දරුවා උදෑසන පාසලට රැගෙන යමින් සිටි බිරිඳව සැමියා විසින් කැත්තකින් පහරදී ඝාතනය කර තිබේ. 

අද (13) උදෑසන මාතර දෙයියන්දර අතපත්තුකන්ද මංසන්ධිය අසලදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි දෙයියන්දර, පරපාමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු මවකි.

පසුගිය 11 වනදා ඇය සිය දරුවා පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කළ ඇති අතර සිය දරුවා අද (13) උදෑසන පාසලට රැගෙන යමින් සිටියදී සැමියා මාර්ගයේ සැඟව සිට කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය වූ බිරිඳ සහ සැමියා අතර ඇතිවූ අමනාපයක් හේතුවෙන් ඇය සිය මවගේ නිවසේ සිට ඇති අතර පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

ඝාතනය සිදු කළ සැකකරු හඳුගල ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකු වන අතර මේ වන තෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නොමැත.

දෙයියන්දර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.