රන් කුඩු තොගයක් සමග අයෙකු කටුනායකදී අල්ලයි

රන් කුඩු තොගයක් සමග අයෙකු කටුනායකදී අල්ලයි

September 13, 2024   05:07 pm

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රන් කුඩු කිලෝකවකට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි සිට ඉන්දියාව හරහා මෙරටට පැමිණ ඇති සැකකරු සතුව තිබී රන් කුඩු කිලෝ 1යි ග්‍රෑම් 860ක් මෙලෙස රේගු නිලධාරීන් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.