සම්මන්ත්‍රණයට පහරදීමට අපේ සම්බන්ධයක් නෑ - නලින්ද

සම්මන්ත්‍රණයට පහරදීමට අපේ සම්බන්ධයක් නෑ - නලින්ද

September 13, 2024   10:46 pm

කොළඹදී ඊයේ (12) පැවැති සම්න්ත්‍රණයට තම පක්ෂයේ පිරිස් පහරදුන් බවට දේශප්‍රේමී ජාතික පෙරමුණ කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ එම පහරදීමට තම පක්ෂයේ කිසිවෙකුගේ හෝ සම්බන්ධයක් නොමැති බවය.

දේශප්‍රේමී ජාතික පෙරමුණ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ ඊයේ සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයක් අතරතුර ගැටුම්කාරී තත්ත්වයක් හට ගැනුණි.

පසුව පැවැති මාධ්‍ය හමුවේදී එම සංවිධානයේ මධ්‍ය මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා චෝදනා කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ වනාතමුල්ල ප්‍රදේශයේ සංවිධායකවරයෙකු සහ කිරුළපන ප්‍රදේශයේ සංවිධායකවරයෙකු ඇතුළු  පිරිසක් විසින් මෙම පහරදීම සිදුකරනු ලැබූ බවයි.