රටේ මතු පරපුර වෙනුවෙන් දියුණු රටක් හදන්නම් - නාමල්

රටේ මතු පරපුර වෙනුවෙන් දියුණු රටක් හදන්නම් - නාමල්

September 14, 2024   04:41 pm

රටේ මතු පරපුර වෙනුවෙන් දියුණු රටක් නිර්මාණය කිරීමට නම් එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය භාවිත කරන ලෙසට තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඒම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මහනුවර පැවති ආසන රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා,

"මේ පණිවුඩය ගමට ගෙනියන්න. අපට වැඩපිළිවෙළක් තියෙනවා. අපි රටට වැඩකරලා තියෙනවා. මේ රටට එරෙහිවෙලා නැහැ. අපේ රටට නොගැළපෙන කිසිදු නීතියක් සම්මත කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපේ ඉලක්කය ඩොලර් බිලියන 180ක ආර්ථිකයකට යෑම.සමහරු අහනවා මේක පුළුවන්ද කියලා. වැඩකරන්න බැරි අයට, වැඩකරලා නැති අයට ඒක කරන්න බැහැ. හැබැයි අපි දන්නවා ඒක කරන විදිහ."