ඡන්දෙ නිසා මත්පැන් අලෙවි සැල් වසා දැමීමට තීරණයක් 

ඡන්දෙ නිසා මත්පැන් අලෙවි සැල් වසා දැමීමට තීරණයක් 

September 14, 2024   05:03 pm

ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 වනදා දිවයින පුරා සියලු මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව එම පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී ගුණසිරි මහතා පැවසීය.

මත්පැන් සිල්ලරට අලෙවිකරනු ලබන සියලුම ස්ථාන මෙලෙස 21 සහ 22  වසා තැබීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.