නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

September 14, 2024   06:44 pm

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක් සදහා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (14) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරග දෙක පැවැත්වීමට නියමිතව ඇත.

එහි පළමු තරගය එලැඹෙන 18 වැනි දින ආරම්භවීමට නියමිතව තිබේ.

එමෙන්ම 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

එහි දෙවන තරගය 26 වැනි දින ආරම්භ කිරීමටද නියමිතය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය - 2025 යටතේ මෙය පැවැත්වෙයි.