අපි කියන ඔක්කොම සජිත් කොපි කරනවා - අනුර

අපි කියන ඔක්කොම සජිත් කොපි කරනවා - අනුර

September 14, 2024   09:20 pm

යල්පැනගිය සටන් පාඨ යළි කරළියට ගෙනඒමට සමගි ජන බලවේගය කටයුතු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ අද (14) පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,

"මම සජිත් ප්‍රේමදාසට කියන්නේ පරණ බඩු නැතුව අලුත් බඩු ටිකක් ගේන්න මතක තියාගන්න. සජිත් ප්‍රේමදාස කඳවුර පරණ ජාතිවාදී, ආගම්වාදී තැටිය නැවත නැවත රත් කරනවා. හැබැයි ජනතාව රත්වෙන්නේ නැහැ.  ජනතාව ආපහු ඒවාට අහුවෙන්නෙ නැහැ. සජිත් නම් මරු මෑන්... මිනිහා ළඟ දෙකේම බඩු ඉන්නවා. චම්පිකත් ඉන්නවා බදියුදීනුත් ඉන්නවා, තිලංගයි අර්ජුනයිත් ඉන්නවා දෙබිඩ්ඩෝ.. ඕකට කියන්නේ කොළේ වහලා ගහනවා කියලා‍. ජාතික ජන බලවේගය තමයි එකම කතාව කියන ව්‍යාපාරය. අපි කියන ඔක්කොම සජිත් කොපි කරනවා. අපි කියන දේවල් කියනවා... හැබැයි ඇහිලා තියෙනවා ද?  හිටපු ජනාධිපතිවරු සහ ජනාධිපති බිරින්දෑවරු බලාගන්න එක නතර කරනවා... කියනවා.  ඒ දේවලවලට නෝ කතා."