දිළිඳුකම තුරන්කර පොදුජන යුගයක් බිහි කරනවා - සජිත්

දිළිඳුකම තුරන්කර පොදුජන යුගයක් බිහි කරනවා - සජිත්

September 14, 2024   09:20 pm

තම ආණ්ඩුවක් යටතේ දිළිඳුකම තුරන්කරමින් පොදුජන යුගයක් බිහිකිරීමට කැපවන බව, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රත්නපුර ප්‍රදේශයේ අද (14) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය.

"දුප්පත්කම තුරන් කරන්නට මාස 24ක වැඩසටහන තුළ මසකට 20,000 ගානේ අවුරුදු 2ක් දීලා.... ඒ අවුරුදු දෙක ඇතුළත ඒ මුදල් කාලා බීලා ඉවර කරන්න නෙමෙයි තමන් වැටී තිබෙන දුප්පත්කමින් ගොඩ එන්නට අපි රජයක් හැටියට මැදිහත්වෙනවා. ඒ බව මම ඔබ සියලු දෙනාට ප්‍රකාශ කරනවා."