බිරිඳට මරු කැඳවූ සැමියාගේ මාරාන්තික ප්‍රහාරය

බිරිඳට මරු කැඳවූ සැමියාගේ මාරාන්තික ප්‍රහාරය

September 15, 2024   07:38 am

පුද්ගලික ආරවුලක් හේතුවෙන් ස්වාමි පුරුෂයා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (14) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර තිබුණේ වාද්දුව පොලිස් වසමේ පොතුපිටිය ප්‍රදේශයේදීය.

එලෙස මියගොස් ඇත්තේ, ගොරකගහවත්ත, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි කාන්තාවකි.

නිවසේ සිටි කාත්තාවකට සැමියා විසින් පහරදෙන බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් වාද්දුව පොලිසියට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් ඝාතනය වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර තවත් කාන්තාවක් තුවාල ලබා සිටියදී කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකාරිය මරණකාරියේ සහෝදරිය බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකළ වයස අවුරුදු 34ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාද්දුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ඉඩම් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

පොලීසිය පවසන්නේ, බදුරලිය, හීන්පල්විල ප්‍රදේශයෙන් මෙම ඝාතනය වාර්තා වූ බවය.

එලෙස මියගොස් ඇත්තේ, අත්වැල්තොට, මොරපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙකි.