ලබන වසරේදී ජීවන බර තවත් සැහැල්ලු කරනවා - රනිල්

ලබන වසරේදී ජීවන බර තවත් සැහැල්ලු කරනවා - රනිල්

September 15, 2024   10:25 am

ලබන වසරේදී ජීවන බර සැහැල්ලු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෑගල්ලේ ඊයේ (14) පැවැති "පුළුවන් ශ්‍රී ලංකා" ජන රැලිය අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය. 

"ක්‍රමානුකූලව ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් පසුගිය සමයේ අස්වැසුම ඇතුළු වැඩසටහන් අප ක්‍රියාත්මක කළා. පොහොර සහනාධාරය ලබා දුන්නා. විශ්‍රාම සහ වැඩිහිටි දීමනා ඉහළ දැමුවා. එක පැත්තකින් භාණ්ඩ මිල අඩු කරනවා වගේම අනෙක් පැත්තෙන් මුදල් දී ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අප කටයුතු කර තිබෙනවා. ලබන වසර වනවිට ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කරනවා කියලා මට කියන්න පුළුවන්. දැන් අපි තවත් පියවර ගන්නවා. වාහන ආනයනය කිරීමේ තහනම ඉවත්කරලා තිබෙනවා, අපේ විදේශ විනිමය සංචිතයේ මුදල් තියෙනවා."