ශිෂ්‍යත්ව ප්‍රතිඵලය දින 40කින්

ශිෂ්‍යත්ව ප්‍රතිඵලය දින 40කින්

September 15, 2024   07:04 pm

අද (15) පැවැත්වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය දින 40කින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

මෙවර ශිෂ්‍යත්වය මධ්‍යස්ථාන 2,849කදී පැවැත්වුණු අතර ඊට සිසු සිසුවියන් 323,879ක් ඉදිරිපත් විය.