අපිට නිසි සැලැස්මක් හා වැඩපිළිවෙළක් තියෙනවා - නාමල්

අපිට නිසි සැලැස්මක් හා වැඩපිළිවෙළක් තියෙනවා - නාමල්

September 15, 2024   10:24 pm

තමා ජනපතිවරණ සටනට ඉදිරිපත්ව සිටින්නේ සැලැස්මක් අතැතිව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (15) දහවල් මහියංගනය නගරයේ පැවති ජන රැලියකදීය.  

"මම ඔබට ස්තූතිවන්ත වෙනවා. ඔබ වෙනුවෙන් පෙනී සිටින ඔබේ නායකයා එක්ක මාතෘ භූමියේ ජය තහවුරු කරන්න මේ ලබාදෙන සහයෝගයට. අපට දැක්මක් හා සැලැස්මක් තියෙනවා. අපි හුදෙක් මැතිවරණ වලට බලය ලබා ගැනීමට හෝ ඉදිරිපත් වෙනවාට ඉදිරිපත් වන්නේ නැහැ. අපි මැතිවරණයට ඉදිරිපත් වන්නේ දිනන්න. දිනලා රට හදන්න. අපිට නිසි සැලැස්මක් හා වැඩපිළිවෙළක් තියෙනවා"