මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනයට විශේෂ මධ්‍යස්ථානයක්

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනයට විශේෂ මධ්‍යස්ථානයක්

September 16, 2024   07:32 am

අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ.

වව්නියාව ප්‍රදේශයේ ඉදිකර ඇති එම මධ්‍යස්ථානය තුළ කාන්තාවන්  100 දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බව වාර්තා වේ.

ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර ඇත.

ඒ පිළිබඳව පුනරුත්ථාපනය කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය දැනුවත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නේ නම් වව්නියාවේ පිහිටි මෙම නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු විනිසුරුවරුන්ට දැනුම්දී තිබේ.