රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමක්

රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමක්

September 16, 2024   09:09 am

මහව සිට පානදුරය බලා ධාවනය වූ කාර්යාල දුම්රිය අද (16) උදෑසන රාගම දුමිරිය ස්ථානය ආසන්න ප්‍රදේශයේ දී පීලි පැනීමකට ලක්ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි.

පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට පියවර ගෙන ඇති අතර ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ හේතුවෙන් රාගම හන්දිය පසුකර ධාවනය වීමට නියමිත දුම්රිය සියල්ල ප්‍රමාද වී ධාවනය වන බව සඳහන් වේ.