ලබන වසරේ ලැබෙන සහනය ගැන රනිල් කියයි

ලබන වසරේ ලැබෙන සහනය ගැන රනිල් කියයි

September 18, 2024   09:16 am

පවතින ආර්ථික ක්‍රමවේදය යටතේ ලබන වසර වනවිට රුපියල තවදුරටත් ශක්තිමත් වී ජීවන බර අඩුවනු ඇති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු පැවසුවේ රට ආර්ථික අර්බුදයට මුහුණදුන් අවස්ථාවේදී පළා ගිය පුද්ගලයින් යළි රට භාරගැනීමට දරණ උත්සහය පරාජය කළ යුතු බවය. 

"එක් කෙනෙක් කියනවා මම ඔයගොල්ලන්ට ඕනේ එකක් දෙන්නම් ලු. අනේ මට ඡන්දෙ දෙන්න කියලා. ඒත් එතුමා දැනගන්න ඕනේ විපක්ෂ නායකයා කියන්නේ, විකල්ප අගමැති. විකල්ප බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ අයට මේක භාරදෙන්නද ? මොකද්ද කරේ රටේ ප්‍රශ්න තියෙද්දි පාසලෙන් පාසලට ගිහින් අට පන්තියේ ළමයින්ට කිව්වා ලෝක ආර්ථිකය කඩා වැටුණා කියලා. ඕකද දේශපාලනය. මොකද්ද අනුර කළේ? 2022 උදව් කරා ද? අමාරු තීරණ අපිට ගන්න වුණා. මම නෑ කියන්නේ නෑ. බදු වැඩිකරන්න වුණා. ඔබට ප්‍රශ්නයක් තිබුණා මම නෑ කියන්නේ නෑ. ගන්න තිබුණ බෙහෙතක් විදියට ඒක කරන්න වුණා. මට කුණුහරුපයෙන් බැන්නත් ඒ දේ කරා. දැන් රුපියල ශක්තිමත් වෙලා. ඩොලර් එකට 300 වෙලා, බඩු මිල ටිකෙන් ටික අඩුවෙලා. තාමත් ප්‍රශ්න තියෙනවා. එන අවුරුද්දේ වෙන කොට රුපියල තවත් ශක්තිමත් වුණාම ජීවන බර සැහැල්ලු වෙනවා."