මැතිව්ස් ගේ තත්ත්වය ගැන දැනුම්දීමක්

මැතිව්ස් ගේ තත්ත්වය ගැන දැනුම්දීමක්

September 18, 2024   01:08 pm

පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුවක් දකුණු අතේ ඇඟිල්ලක වැදීම හේතුවෙන් පිටියෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් ගේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ පැහැදිලි කිරීමක් කර තිබේ.

ක්‍රීක්ඉන්ෆො වෙබ් අඩවිය ඔහුව උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ මැතිව්ස් යහපත් තත්ත්වයෙන් පත්වන බවයි.

ඔහු පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

පිටියෙන් ඉවත් වන විට මැතිව්ස් ලකුණු 12ක් ලබා සිටියේය.