ගෝඨාභයට බෙල්ල දෙන්න සිද්ධ වුණ හේතුව අනුර කියයි

ගෝඨාභයට බෙල්ල දෙන්න සිද්ධ වුණ හේතුව අනුර කියයි

September 18, 2024   01:34 pm

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බෙල්ල දීමට සිදුවූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ ගත් වැරදි තීන්දුවලට බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මැල්සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනරැලියකට ඊයේ (17) රාත්‍රියේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

"රනිල් වික්‍රමසිංහ කියනවා එයා ඇවිල්ලා තෙල්, ගෑස් දුන්නලු. 2015-19 එයා ආවේ නැත්තම් තෙල් ගෑස් නැතිවෙන්නේ නැහැ. ඩොලර් කෝටි 1,350ක් නැති කළා. ගෝඨාභය බිලිදුන්නා. ගෝඨාභය පව්. අරගොල්ලෝ කරපු අපරාධවලට අන්තිමේට ගෝඨාභය බෙල්ල දුන්නා. ඒ නිසා අපි රට අරගෙන ගෑස් නැති වෙයි, තෙල් නැතිවෙයි, විදුලිය නැති වෙයි කියනවා. බය වෙන්න එපා කිසිඳු භාණ්ඩයක් හිඟයකින් තොරව ලබාදෙනවා. මාලිමාවේ ආණ්ඩුවක් කෙටි කාලකින් වාහන ආනයනය කරනවා. ජපන් බයිසිකල් ගේන්න ඉඩහඩලා දෙන්නම්. රට හැදීමේ වුවමනාව තිබෙනවා. ඒ නිසා පළමු වතාවට රට හදන්න මුලපුරන ආණ්ඩුවක් හදනවා."