සංජීව මහානාම ට අයත් දේපොළ කිහිපයක් තහනම් කරයි

සංජීව මහානාම ට අයත් දේපොළ කිහිපයක් තහනම් කරයි

September 18, 2024   05:27 pm

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතාට අයත් දේපොළ කිහිපයක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් බව කියන ඉඩම් තුනක් සහ වාහන තුනක් විමර්ශන කටයුතු සඳහා දූෂණ විරෝධී පනත යටතේ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණි. 

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණය අදාළ දේපොළ දෙසැම්බර් මස 18 වනදා දක්වා තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.