ජයග්‍රහණය සාමකාමීව සමරන්නැයි සජිත් පාක්ෂිකයන්ට උපදෙස් දෙයි

ජයග්‍රහණය සාමකාමීව සමරන්නැයි සජිත් පාක්ෂිකයන්ට උපදෙස් දෙයි

September 18, 2024   09:38 pm

තමා බලයට පැමිණි පසු මත්ද්‍රව්‍ය සහ පාතාලය මාස 6ක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

ඔහු මේ අදහස් පළ කළේ මොනරාගල අද (18) පැවති ජන රැලියකදීය.

"මම සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා අපේ ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න. හිංසා කරන්න යන්න එපා, ප්‍රචණ්ඩත්වය එපා.. ඒවා සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති නෙමෙයි. ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳලා.. ඊළඟ මොහොතේ සිට රට ගොඩනගන වැඩපිළිවෙළට සූදානම් වෙන්න."

"බලයට ඇවිත් ජනතාවගේ ආගම් ඇදහීමේ අයිතිය සුරක්ෂා කරනවා. කුඩු, මත්ද්‍රව්‍ය, පාතාලය මාස 06කින් සම්පූර්ණයෙන්ම අවසන් කරනවා."