ලෙබනනයේ තවත් පිපිරීම් මාලාවක්
සයුරෙන් එතෙර

ලෙබනනයේ තවත් පිපිරීම් මාලාවක්

September 18, 2024   09:47 pm

ලෙබනනයේ අදත් පිපිරීම් මාලාවක් වාර්තාවී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ "වෝකි ටෝකි" යන්ත්‍ර පිපිරීමෙන් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවය.

මීට දිනකට පෙර ලෙබනනය පුරා පේජර් පුපුරා යෑමෙන් 12 දෙනෙක් මියගොස් තිබූ අතර එහි උණුසුම මැකී යෑමටත් පෙර මෙලෙස වෝකි ටෝකි" යන්ත්‍ර පුපුරා ගොස් තිබේ.