ඡන්දෙ ඉවරවෙලා සති 2කින් සුබ ආරංචියක් - රනිල්

ඡන්දෙ ඉවරවෙලා සති 2කින් සුබ ආරංචියක් - රනිල්

September 18, 2024   09:55 pm

සති දෙකක් තුළ රට නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මිදෙන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණ කරයි. 

අද (18) ගාල්ලේ පැවති ''රනිල්ට පුළුවන්'' ජන රැලිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

"මම IMF සංවිධානයත්...ලෝක බැංකුවත්.. ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සාකච්ඡා කළා. අපේ වගේ මධ්‍යම ආදායම් රටකට සුදුසු ගිවිසුමකට පැමිණියා. දැන් බංකොලොත්භාවය නැති කරන්න තුන්වැනි කණ්ඩායම සමගත් ගිවිසුමකට එළැඹිය යුතුයි. ඒ තමයි පුද්ගලික බැඳුම්කරුවන්. ඒ ගිවිසුමත් හෙට වෙනකොට අවසන් කරනවා. එහෙමනම් මම මේ ඡන්දෙට එන්නේ මූලික යුතුකම් ඉටු කරලා. මේ රටේ බංකොලොත්භාවය නැති කරන නිල තත්ත්වයට ඇවිත් තියෙන්නේ."

"IMF අධ්‍යක්ෂකවරිය කිව්වා මේවා අපි මාරු කරන්නේ නැහැ කියලා. ඡන්දෙ ඉවරවෙලා සති දෙකකින් ඔවුන් එනවා මේ වැඩකටයුතු ඉවර කරන්න. එතකොට කියන්න යනවා බංකොලොත්භාවය අවසන් කියලා."