හැමෝගෙම අතින් අඩුපාඩු වෙනවා - නාමල්

හැමෝගෙම අතින් අඩුපාඩු වෙනවා - නාමල්

September 18, 2024   10:08 pm

රාජපක්ෂවරුන් මහජන මුදල් සොරකම් කර නොමැති බව ඕනෑම අධිකරණයක් ඉදිරියේ ඔප්පු කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමිනි.

"යහපාලන ආණ්ඩුව සිතුවා මත්තල හැදුවේ වී ගබඩා කරන්න කියලා. සූරියවැව ක්‍රීඩාංගණය වහලා දැම්මා. අපිව හිරේ දැම්මට අපි සොරකම් කරලා නැහැ. පුළුවන්නම් අපිට නඩු පවරන්න. නිර්දෝෂි භාවය ඔප්පු කරන්න සූදානම්. හැමෝගෙම අතින් අඩුපාඩු වෙනවා. අපි අඩුපාඩු හදාගන්නම්."