රස්නායකපුර වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

රස්නායකපුර වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

September 19, 2024   12:59 pm

කුරුණෑගල, රස්නායකපුර, නම්මුවාව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් මිය ගිය පුද්ගලයා ගැන තවත් තොරතුරු හෙළිදරව් වී තිබේ. 

අද (19) අලුයම නම්මුවාව ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක් තුළ ලේ ගලන තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බව රස්නායකපුර පොලීසියට පණිවුඩයක් ලැබී තිබුණි.

එලෙස මියගොස් තිබුණේ නම්මුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව මෙම ඝාතනය කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩිතබා සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් නිකවැරටිය මහෙස්ත්‍රාත්ව දැනුම්වත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා රස්නායකපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.